දුම්පානය හෝ වේප් කිරීම නැවැත්වීමට ඔබට උපකාර කිරීම සඳහා Quit පවතියි.
ඔබ නැවැත්වීමට සූදානම් නැති වූවාට කමක් නැත, ඊළඟ දුම්වැටිය පමණක් මග හරින්න. නැවැත්වීම විශාල ප්‍රයත්නයක් සේ දැනිය හැකිය, එහෙත් ඔබ පියවරෙන් පියවර කටයුතු කරන විට එය වඩාත් කළ හැකි වනු ඇත. වරකට එක් පියවරක් බැගින් නැවැත්වීමට ඔබ ගන්නා ප්‍රයත්නය උත්සාහ කර බලන්න.
නැවැත්වීමේ ඇති ප්‍රතිලාභ
දුම්පානය හෝ වේප් කිරීම නැවැත්වීම, ඔබේ ජීවිතයට බොහෝ යහපත් වෙනස්කම් ගෙන එනු ඇත. මේ ප්‍රතිලාභවලින් සමහරක් වන්නේ:
ඔබට දුම්පානය හෝ වේප් කිරීම ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
අක්‍රීය දුම්පානය නිසා ඔබේ පවුලට සෞඛ්‍ය ගැටලු ඇති කිරීමේ අවදානම ඔබ අඩු කරයි
ඔබට මුදල් ඉතිරි කරගත හැකිය
ඔබට පවුලේ අය සමග ගත කිරීමට වැඩි කාලයක් ලැබෙනු ඇති අතර ඔබ දරුවන්ට හොඳ ආදර්ශයක් වනු ඇත
ඔබේ රසය සහ සුවඳ පිළිබඳ හැඟීමෙහි වැඩිදියුණුවක් ද ඔබට දැකිය හැකි වනු ඇත
දුම්පානය නතර කිරීම දුම්පානය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. තම ජීවිත කාලය පුරාම දුම් පානය කරන සෑම පුද්ගලයන් 3 දෙනෙකුගෙන් 2ක් පමණ දුම්පානය නිසා මිය යයි. සුබ ආරංචියක් වන්නේ ඔබ දුම්පානය නැවැත්වූ වහාම ඔබේ ශරීරය යථා තත්ත්වයට පත් වීමට පටන් ගන්නා බවයි.
නොමිලේ සැපයෙන උපදේශනය - අපගේ භාෂණ පරිවර්තන සේවාව හරහා Quitline අමතන්න.
Quitline ඔස්සේ ඔබට දුම්පානය හෝ වේප් කිරීම නැවැත්වීමට උපකාර කිරීම සඳහා නොමිලේ උපදෙස් සහ සහාය ලබා දෙයි. අපගේ උපදේශකවරුන්ට:
ඔබට ගැලපෙන පුද්ගලාරෝපිත සැලසුමක් සකස් කිරීමට
ඔබගේ ප්‍රයත්නය මුලුල්ලේ ම මගපෙන්වීම්, දිරිගැන්වීමට හා උපාය මාර්ග සැපයීමට
භාෂණ පරිවර්තකයන් යොදා ගනිමින් ඔබ සමග කතා කිරීමට හැකිය.
ඔබ මිතුරෙකුට හෝ පවුලේ අයෙකුට දුම්පානය හෝ වේප් කිරීම නැවැත්වීමට උදව් කරන්නේ නම් ද ඔබට Quitline වෙත කතා කළ හැකිය. ඔවුන්ට මනා සහාය සපයන්සනේ කෙසේදැයි උපදෙස් ලබා දීමට Quitlineට හැකිය.
Quitline සම්බන්ධ කර ගැනීමට කරුණාකර 13 78 48 අමතන්න. ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, ඔබ අමතන විට ‘සිංහල’ කියමින් ඔබට භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටිය හැකිය.
ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න
දුම්පානය හෝ වේප් කිරීම නැවැත්වීමට ඔබේ වෛද්‍යවරයාට ද ඔබට උපකාර කළ හැකිය. ඔබට ඇසිය හැකි ප්‍රශ්න සමහරක්:
නිකොටින් ඉවත් වීමේ රෝග ලක්ෂණ කළමනාකරණය කරන්නේ කෙසේද?
මට නැවැත්වීමට උපකාර කළ හැකි ඖෂධ තිබේද?
මා මෙම ඖෂධවල අතුරු ආබාධ වලක්වා ගන්නේ කෙසේද?
මම දැනට පාවිච්චි කරන බෙහෙත් ගැන සමාලෝචනයක් කළ යුතුද?
නැවැත්වීමට උත්සාහ කරන පවුලේ අයෙකු වෙනුවෙන් ඔබ උපකාර සොයනවාද?
දුම්පානය හෝ වේප් කිරීම නතර කිරීමට උත්සාහ කරන කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි බොහෝ දේ පවතියි. යමෙකුට නතර කිරීමට උපකාර කිරීමට පහත උපක්‍රම භාවිත කරන්න.
ගෞරවනීය වන්න
සහයෝගය ලබා දෙන්න
අවශ්‍ය තරම් කාලයක් ඔබ ඔවුන් සමග සිටින බව ඔවුන්ට පවසන්න.
ධනාත්මකව සිටින්න.
කතාබහ ආරම්භ කිරීමට ඉඟි:
"නැවැත්වීම ගැන උපදේශකවරයෙකුට නැත්නම් වෛද්‍යවරයාට කතා කිරීම ගැන ඔයා හිතලා තියෙනවද? ඒ අයට බෙදා ගැනීමට වඩාත් ප්‍රයෝජනවත් උපදෙස් හෝ සම්පත් තිබිය හැකිය."
"ඔයා තමන්ගෙ සෞඛ්‍ය වැඩිදියුණු කරගන්න පියවර ගන්න එක ගැන මට ආඩම්බරයි. දුම්බීම නැත්නම් වේප් කිරීම නවත්තන්න ඔයාට උදව් වෙන්න මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න."
“නවත්වන්න අමාරුයි, ඒත් තමන්ගෙ සෞඛ්‍යයට වගේ ම පවුලේ යහපැවැත්මට ලැබෙන ප්‍රතිලාභ ඔබ ඉක්මනින් දකින්න ලැබෙන එක තමයි ඒකෙ තියෙන වටිනාකම. ඔයාගෙ නැවැත්වීමේ ප්‍රයත්නය දිගටම කරගෙන යන්න උදව් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද?"
සහකම්පනය, අවබෝධය සහ විනිශ්චය නොවන ආකල්පයකින් සංවාදයට ප්‍රවේශ වන්න. විවෘත සන්නිවේදනය දිරිමත් කරන්න, සහ දුම්පානය හෝ වේප් කිරීම නතර කිරීම සඳහා ඔවුන්ගේ ගමන පුරාවට ඔවුන්ට සහාය වීමට සහ නිරීක්ෂණය නොකිරීමට ඔබ සිටින බව පුද්ගලයාට දන්වන්න.
නැවැත්වීම සඳහා උපක්‍රම
දුම්පානය සදහටම නතර කිරීමේ ඔබේ අවස්ථා වැඩි දියුණු කිරීමට උපදෙස් තුනක් මෙන්න:
ඔබේ දුම්වැටි ප්‍රේරක හඳුනාගෙන ඒවා ජය ගැනීමට උපාය මාර්ග සකස් කිරීමෙන් ඉදිරියට සැලසුම් කරන්න.
ඔබට ගැලපෙන නැවැත්වීමේ සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා Quitline උපදේශකයින් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් වෘත්තීය සහාය ලබා ගන්න.
පෙළඹවීම කළමනාකරණය කිරීම සඳහා පැච්, ගම්, හෝ ලොසින්ජස් වැනි නිකොටින් ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (NRTs) ගැන සොයා බලන්න.
ප්‍රවේශ්‍යතාව - Recite Me
අපගේ සම්පත් සියලුම පරිශීලකයින් සඳහා ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම අපගේ අරමුණයි. මෙයට සහය වීමට, අපි Recite Me පිරිනමන්නෙමු, එය ප්‍රවේශ්‍යතා සහ භාෂා ආධාරක මෙවලමක් වන අතර එමගින් සියලු හැකියාවන් ඇති පුද්ගලයින්ට අපගේ අන්තර්ගතය සමග සම්බන්ධ වීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග මාලාවක් සපයයි.
Recite Me ඔස්සේ පරිශීලකයින්ට:
වෙබ් පිටුවේ භාෂාව විවිධ භාෂා 100 කට වඩා වෙනස් කිරීමට
පෙළ විවිධ භාෂාවලින් ශබ්ද නගා කියවීමට
කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා අකුරු ප්‍රමාණය, වර්ගය සහ වර්ණ පරස්පර ඇතුළුව පෙළෙහි පෙනුම අභිරුචිකරණය කිරීමට
පහසු සංචලනය සඳහා තිර කියවනය, කියවීමේ පාලකය හෝ විශාලන වීදුරු වැනි මෙවලම් භාවිතා කිරීමට අවස්ථාව සළසයි.
Recite Me භාවිතා කිරීම සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න:
Recite Me මෙවලම් තීරුව ගෙන ඒමට තිරයේ ඉහළ දකුණේ, ප්‍රවේශ්‍යතා නිරූපකය මත ක්ලික් කරන්න.
මෙවලම් තීරුව දිස් වූ පසු, භාෂා වෙනස් කිරීමේ අයිකනය මත ක්ලික් කර ඔබ අයදුම් කිරීමට කැමති භාෂාව තෝරන්න.
ඔබට පෙළ ප්‍රමාණය ගැලපීම, වර්ණ වෙනස, සහ කියවීමේ ආධාරක වැනි වෙනත් ප්‍රවේශ්‍යතා මෙවලම් ද භාවිත කළ හැකිය.
Quit රහස්‍යතා ප්‍රතිපත්තිය
ඔබේ පෞද්ගලිකත්වය සුරැකීමට Quit කැපවී සිටියි. Quitline සහ වෙනත් ආධාරක සම්පත් වැනි සේවාවන් සැපයීම සඳහා අපි පුද්ගලික තොරතුරු රැස්කර භාවිත කරන්නෙමු. ඔබගේ තොරතුරු සුරක්ෂිතව සහ රහසිගතව තබා ඇති අතර, නීතියෙන් අවශ්‍ය විට හැර, ඔබගේ අනුමැතියෙන් තොරව අපි එය බෙදා නොගනිමු. වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ සම්පූර්ණ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවන්න.